කියා ගන්නට බෑ
හදේ මතුවෙන මිහිරි ගී පද
ලියා ගන්නට බෑ
ඔබෙන් තොර වූ කල්පනාවක්
මගේ සිත තුළ නෑ
ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
සිතන්නේවත් නෑ
ගෙවී යන්නේ වේගයෙන් මේ
එදා දුක් විඳි කාලයයි
සදා සැනසුම ඇතේ අත ළඟ
සනසමින් මා සිත කියයි
වරක් බැට කා ඇතත් මිරිඟුව
දැක බොළඳ වූ මුවෙකු සේ
දිනකවත් සුවයක් ලබන්නට
පතන්නෙමි මම මේ ලෙසේ
යළිත් දිනයක ඔබේ සුරතෙහි
පහස සුරතට දැනේ දෝ
වසත් කාලය යළි උදාවී
සිතෙහි පෙම් මල් පිපේ දෝ
මෙතෙක් දවසක් හදෙහි හිරවුණු
හැඟුම් යදමින් බිදේ දෝ
දිනෙක මිය යන තුරු රුකෙන්නට
යළිදු පෙම් දම් බැඳේ දෝ
රසික සූරියආරච්චි
Sithe Therapena is Reserved by I.P.

Image by Mariangela Castro (Mary) from Pixabay