ඔබේ සුවඳ රැඳි විමානයේ
කවුළු දොරින් මද පවනක් සේ විත්
ගතට තුරුළු වෙන්නම්
හන්තානේ ගිරි කුස මුදුනේ
සීතල මීදුම් අරුණැල්ලේ
සැඟවුණු රහසක් සිතු විලසේ
සවනට මුමුණන්නම්
මහවැලි නදියේ පෙණ අතරේ
රොබරෝසියා මුදු මල් තුඩගේ
සුමුදු පහස ගෙන කෙහෙරැළි ඔබගේ
ගෙලවට විහිදන්නම්
මන්මද ස්වරයෙන් විහිදෙන ඒ
සුන්දර දී මාලා ඔබගේ
ගිලන් ලොවට දිව ඔසුවක් සේ
දස අත පතුරන්නම්
රසික සූරියආරච්චි
හේමාල් ජයවික්‍රම විසින් මේ පදමාලාව හින්දි ගී තනුවකට අනුව ගායාන කරන ආකාරය පහත සබැඳිය හරහා ෆේස්බුක් ඔස්සේ ඇසිය හැක.
https://www.facebook.com/100000465046874/videos/2312325282126284/
ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

(Photo by: Amirthavarshini Maha, From Google Maps)
Great
ReplyDeleteGreat
ReplyDeleteGreat
ReplyDelete