සිසිල් සුළං පොද ඔබයි ළඳේ
රුදුරු ගිම්හානයේ
සහන් සුවේ විඳගන්න
මදක් අවසර දෙන්න
මා නිසා ඔබෙ සිසිල අඩුවේද?
නැහැ නේද, නැහැ නේද, නැහැ නේද?
ඔබ සුනිල් කෙම් බිම ය
වියළි කාන්තාරයේ
සුවෙන් ඔහේ සැතපී ඉන්න
මදක් අවසර දෙන්න
මා නිසා ඔබෙ සිසිල අඩුවේද?
නැහැ නේද, නැහැ නේද, නැහැ නේද?
ඔබ නිමල් සඳ මඩල
පාළු ආකාශයේ
අඳුර හදේ දුරලන්න
මදක් අවසර දෙන්න
මා නිසා සිසි කිරණ අඩුවේද?
නැහැ නේද, නැහැ නේද, නැහැ නේද?
එපා තවත් දුක් දෙන්න
මහද සන්තානයේ
එපා තවත් දුක් වෙන්න
ගැලී සන්තාපයේ
සෑමදා හිනැහෙමු මිහිරේ අපි
හා නේද, හා නේද, හා නේද?
පදමාලාව: රසික සූරියආරච්චි
තනු නිර්මාණය: හේමාල් ජයවික්‍රම
සංගීතය: විශාරද ඉන්දු ප්‍රේමතිලක
ගායනය: හේමාල් ජයවික්‍රම සහ සමනලී ජයසූරිය

Image by ArtTower from Pixabay
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!