වනාන්තරයක හුදකලා
ගසක් වෙන්නම් ගං ඉවුරේ මා
ලොවේ දෙනෙතින් සැඟවිලා
දිනක් එනතුරු මගෙත් ඔබගෙත්
සියලු බාධක නැතිවෙලා
අසම්මතයේ පෙම්වතුන් ලෙස
ඉඳිමු මේ ලෙස සිරවෙලා
නිසංසල ලෙස ගලා යන ඔබෙ
සොඳුරු අසිරිය විඳගමී
පවන් සලමින් සෙවණ සදමින්
ඔබේ සිසිලස රැකගමී
සිහින් ස්වරයෙන් ගැයෙන ඔබෙ මුදු
ගීත නාදෙන් මත්වෙමී
සවන් සනහා නුවන් සතපා
විඩා බර ගත සනසමී
සුසුම් රැළි කඳුලැලි තුරන් වී
මුවේ හසරැලි නැගේවා
පැතුම් හදවත මෝදු වී ආ
ඒ ලෙසම ඉටු කෙරේවා
බවුන් වැඩූ සිත දැහැන් බිඳ යළි
ප්‍රේම මන්දිර තැනේවා
යුගයෙන් යුගයට දැනෙන්නට දුක්
යළිත් ඉඩ ඇති නොවේවා
රසික සූරියආරච්චි

Gangak Nam
Image by 용한 배 from Pixabay
beautiful. i love it.
ReplyDeleteඔබ මලක් - මම ගඟක්....
ReplyDeleteඔබ මලක්
මට හිතා ගන්න බැරි මුදු මදහසක්
මම ගඟක්
මට හිතා ගන්න බැරි මහ ලොකු දුරක්
ඔබ මලක් - මම ගඟක්
වට පිටට ඔබේ සුවඳ දෙන්න ටිකක්
ගං දෑළ සුවඳ විඳින්න බැරි සිතක්
ඔබ පිපී ඉන්න
මම සොයා ඇදෙමි ජීවිතයේ ඉමක්
ඔබ මලක් - මම ගඟක්
සිත පවස නිවන සීතල දිය බිඳක්
ඇවිලිලා නැගෙන ගිනිදැල් නැත නිමක්
ඔබ බලා ඉන්න
මං නිසා හෙටත් මල් පිපේවි තවත්
ඔබ මලක් - මම ගඟක්
ඔබ මලක් - මම ගඟක්....
ReplyDeleteඔබ මලක්
මට හිතා ගන්න බැරි මුදු මදහසක්
මම ගඟක්
මට හිතා ගන්න බැරි මහ ලොකු දුරක්
ඔබ මලක් - මම ගඟක්
වට පිටට ඔබේ සුවඳ දෙන්න ටිකක්
ගං දෑළ සුවඳ විඳින්න බැරි සිතක්
ඔබ පිපී ඉන්න
මම සොයා ඇදෙමි ජීවිතයේ ඉමක්
ඔබ මලක් - මම ගඟක්
සිත පවස නිවන සීතල දිය බිඳක්
ඇවිලිලා නැගෙන ගිනිදැල් නැත නිමක්
ඔබ බලා ඉන්න
මං නිසා හෙටත් මල් පිපේවි තවත්
ඔබ මලක් - මම ගඟක්