Monday, November 30, 2020

ඔබ දැක මා සිත - Oba deka ma sitha

ඔබ දැක මා සිත තුටින් පිරෙන්නේ
ඔබ නොදුටුවොතින් සිත දුක්වන්නේ
ඇයි දෝ මේ ලෙස (කුමාරියේ)
මා සිත ඔබ වෙත බැඳී තිබෙන්නේ

සොඳුරු ඔබේ රුව මියුරු නෙතු පහස
ලැබ ගන්නට එහි රස විඳ ගන්නට
මා සිත වෙහෙසෙනවා
උදෑසනම ඔබෙ මදහස දුටු විට
දිනයම සතුටින් ගත වෙනවා

දිනක ඔබව මට ඇස නොගැසුනොතින්
ඔබේ සුව දසුන මට නොලැබුණොතින්
මා සිත දුක් වෙනවා
ඔබව නොදුටු දින සිත දුක් බරවී
අඳුරු වලාවෙන් වට වෙනවා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by ArtTower from Pixabay

Sunday, November 29, 2020

හිරු රැස් රන් චාමර - Hiru res ran chamara

හිරු රැස් රන් චාමර සැලෙනා
සුන්දර පින්බර උදෑසනක දී
ඔබේ සොඳුරු වත මා නෙත ගැටුණා
ප්‍රිය ළඳුනේ, ප්‍රිය ළඳුනේ

නිල්මිණි පරදන නෙත් සඟලේ
කාන්තියට මා වශී වුණා දෝ
ඔබෙ නෙත් මා නෙත් මුණ ගැසුණා
ප්‍රිය ළඳුනේ, ප්‍රිය ළඳුනේ

ජීවන කතරේ සිතුවිලි අසු පිට
මා සෙව් කෙම් බිම ආදරයේ
ඔබේ දෙනෙත් තුළ මා දුටුවා
ප්‍රිය ළඳුනේ, ප්‍රිය ළඳුනේ

පහන් තරුව වුණි ඔබ මගෙ ලෝකේ
සහන් එළිය හදවතට උදා කළ
ඔබෙ දෙනෙතින් මා ජීවය ලැබුවා
ප්‍රිය ළඳුනේ, ප්‍රිය ළඳුනේ

මගේ ලොවේ ආදර රජ දහනේ
ඔබත් මමත් පමණක් සිටිනා
ඔටුනු පැලැන්දූ රැජිනිය ඔබ වේ
ප්‍රිය ළඳුනේ, ප්‍රිය ළඳුනේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by ambroo from Pixabay

Saturday, November 28, 2020

මුදු හිරු රැස් පෙම් දසුන් මවා - Mudu hiru res pem dasun mava (Reserved for U.M.)

මුදු හිරු රැස් පෙම් දසුන් මවා
නැග එන සඳු හා සිනාසුනා
ඔබ මට මුණ ගැසුණා
මා සිත, මා හද සසල වුණා

කවදා හෝ මින් පෙර එක් දිනයක
මා ඔබ දැක ඇති බව හැඟුණා
ඒ කවදා කොතැනක ද කියා
සිතා ගන්න මට නොහැකි වුණා

මා ඔබ දෙස, ඔබ මා දෙස බැලුවා
ඔබෙ නෙත්, මා නෙත් මුණ ගැසුණා
කලක පටන් අප හඳුනන සේ, ඔබ
සිනාසුණා මා සිනාසුණා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by pasja1000 from Pixabay

Friday, November 27, 2020

මා සිත සැනසූ - Ma sitha senasu

මා සිත සැනසූ ඔබ නිළුපුල් නෙත්
මට ජීවය දුන් ඔබ සුන්දර නෙත්
පබඳිමි කවි දස දහසක් ඔබ ගැන
මා කවියෙකු වූවා නම්

මා හද අරණේ පහන් තරුව ඔබ
මා සිත එළිකළ රුවන් පහන ඔබ
ගයනෙමි ගී දස දහසක් ඔබ ගැන
ගායකයෙකු වූවා නම්

සියුමැලි ඔබ වත, සුසිනිදු තොල් පෙති
ඒ මත විසිරුණු සිනහව සුන්දර
අඳිනෙමි ඔබෙ පියකරු රුව සැම තැන
චිත්‍ර ශිල්පියෙකු වූවා නම්

ගායකයෙකු හෝ කවියෙකු හෝ මා
නොවෙමි සිත්තරෙකු හෝ කුමරියනේ
එනමුදු ඔබ ගැන දහසක් රසවත්
සිහින මවන්නෙමි අසරණ මා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by S. Hermann & F. Richter from Pixabay

Sunday, November 22, 2020

උඩුසිත සහ යටිසිත
Udu sitha and Yati sitha

උඩුසිත:    බලාපොරොත්තුව නොම ඉටුවෙනු ඇත
සිතට හදට සෝදුක් හිමි වෙනු ඇත
ඒ බව දැන දැන පැතුම් දරාගෙන
බලා සිටිනු කිම දෝ
බලා සිටිනු කිම දෝ

යටිසිත:    අතීතයේ සැම පැතුම් බොඳ වුණා
දුක ම හිමිවුණා සුසුම් පිටවුණා
එනමුදු මතු දිනයක කෙදිනක හෝ
පැතුම් ඉටු නොවේ දෝ
පැතුම් ඉටු නොවේ දෝ

උඩුසිත:    අනාගතය කිසි විටෙක නියත නැත
කුමක් සිදුවේද කෙසේ කිව හැකි ද
පැතු පැතුම් සුන් වුනොතින් දවසක
කෙතරම් දුක්බර දෝ
(දුක) කෙතරම් බලවත් දෝ

යටිසිත:    ඉටු නොමවුනහොත් බලාපොරොත්තුව
ඇතිවෙන දුක කොයි තරම් දැඩි වුව ද
පැතුම් පුරාගෙන සිටින මොහොතේදී
සිතට දැනෙන සහනේ
(ඒ) දුකට වැඩිය අගනේ

උඩුසිත:    බලා සිටිනු කිම හසරක් නොම දැන
අනාගතය කිසිවිටෙක නියත නැත

යටිසිත:    බලා සිටින්නෙමි පැතුම් පුරාගෙන
සැපිරෙනු නියතය බලාපොරොත්තුව

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Gerd Altmann from Pixabay

යේසුස් ද ඔබට ඕනෑ - Yesus da obata one

යේසුස් ද ඔබට ඕනෑ
බරබ්බස් ද ඔබට ඕනෑ
ඇසුවාම පිලාත් ආණ්ඩුකාරයා
බරබ්බස්ව අපට දෙන්න
යේසුස්ව මරාලන්න
කිව්වේ එදා ඇයි මිනිස්සුනේ?

මිනිස්සුනේ, මිනිස්සුනේ
පාපයේ ගැලී ගැලී
සදාකල්ම ඉන්න කැමති, මිනිස්සුනේ
පව්කාරයින්ට ගල් ගහන්න
නුඹලට බෑ මිනිස්සුනේ

මිනිස්සුනේ, මිනිස්සුනේ
ශෝකයේ වෙලී වෙලී
උදේ හවා යදින පුදන, මිනිස්සුනේ
මිනිස්කමට නිගා කරන
මනසින් අඩු මිනිස්සුනේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image: https://bustedhalo.com/blogs/what-ever-happened-to-barabbas

Saturday, November 21, 2020

ආදරේ කරන්න ඕනේ නම්
Adare karanna one nam

ආදරේ කරන්න ඕනැ නම්
ආදරේ විඳින්න ඕනැ නම්
ආදරේ පුදන්න ඔබ සිතේ
ඔබව හුඟක් වටිනා බව
ඔබට කියා ඇති අයෙකු වෙතේ

ආදරේ කරන්න ඕනැ නම්
ආදරේ විඳින්න ඕනැ නම්
ආදරේ පුදන්න හැම වෙලේ
ඔබ කරපු, කැප කරපු දේවල
වටිනාකම දැන හඳුනන හදවතක් වෙතේ

ආදරේ කරන්න ඕනැ නම්
ආදරේ විඳින්න ඕනැ නම්
ආදරේ කරන්න එක හිතින්
ඔබ ලැබීම ගැන ඇත්තට
ආඩම්බර වෙන අයෙකු වෙතේ

ආදරේ කරන්න ඕනැ නම්
ආදරේ විඳින්න ඕනැ නම්
ආදරේ කරන්න හැම වෙලේ
ඔබටම හිමි තැන වෙන අයෙකුට
නොම දෙන අයෙකු වෙතේ


(Based on a Meme circulated in a WhatsApp)

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

වසන්තයේ එක් දිනයක
Vasanthaye ek dinayaka

වසන්තයේ එක් දිනයක ආදර බර උදෑසනක
මල්වත්තේ ඈත කොනේ ඔවුන් හමුවුණා
ඔහුගෙ හදේ හද පතුලේ මෙතුවක් කල් සැඟවී සිටි
ආදරයේ රස ගීතය ඇයට පැවසුණා

ඇගේ කනට සෙමින් ඇසුණු ඔහුගේ ඒ පුංචි රහස
ඇගේ සිතේ ආදර බර හැඟුම් ඇති කළා
ඔහුත් සමඟ අත්වැල් බැඳ ප්‍රේම පාරාදීසය වෙත
පිය නගන්න ආශාවක් හිතේ මතු වුණා

ඒ සිතුවිල්ලක් සමගම ඇගේ මුවින් කෙමෙන් කෙමෙන්
ආදරබර වදන් වැලක් සෙමින් මිමිනුණා
යොවුන් වියේ නැවුම් බවින් පිරී ගොසින් මුසපත් වුණු
තව දෙහදක් ආදරයෙන් එසේ එක් වුණා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Susan Cipriano from Pixabay

දොරකඩ ළඟ මල් ගසේ (ළමා ගීයකි)
Dorakoda langa mal gase

දොරකඩ ළඟ මල් ගසේ
මල් පිපිලා සුවඳ හමයි
දස දෙස යන සුළඟ ඇවිත්
බඹරිඳු හට එය පවසයි

හිරු රැස් වැඩි වී ගොසින්
පීඩා දේ හැම අතින්
දස දෙස යන සුළඟ ඇවිත්
සරතස අප නිවාලයි

ටික ටික හිරු රැස් නිවෙයි
වැසි කුමරිය නෙත් හෙළයි
දස දෙස යන සුළඟ ඇවිත්
ගස්වැල් අඹරයි නටයි

(මා වයස අවුරුදු දොළහේ දී ලියන ලද කවියක් අනුසාරයෙන් සකසන ලදී!)

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Robert Waghorn from Pixabay

රෝස මලේ නුඹ නාඬන්නේ
Hemal Jayawickrama ("සදා ඔබෙයි මා" ගී එකතුව)

රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා
වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?

නයන පිනන රුවිනි සපිරි රුසිරූ
නිබඳ සුවඳ දසත විහිදි මියුරූ
මලෙක විලස නුඹ සඳෙකි සරා සොඳුරූ
කිමද රොනට නොම ඇදෙන කරුණ බඹරූ

සොඳින සිරුර සුවඳ දියර නහවා
සිනිඳු සළුව කිඳුරු ලෙසින පොරවා
බඹර තුඩග රස විඳින බඹරු පතලා
කුමන පලද නුඹ මෙලෙස කඳුළු සලලා

පදවැල- රසික සූරියආරච්චි
තනුව- සිසිල් ෆොන්සේකා
සංගීත සංයෝජනය- විශාරද ඉන්දු ප්‍රේමතිලක
ගායනය- හේමාල් ජයවික්‍රම
("සදා ඔබෙයි මා" ගී එකතුව)

ගීතය අහන්න:

රසික සූරියආරච්චි, 2020



Image by Josch13 from Pixabay

සුවඳ හමන මලක්
Suvanda hamana malak

මලක්
සුවඳ හමන මලක්
ඈත දුරට සුවඳ හමන මලක්
දණක් එරෙන වගුරු බිමේ පිපී දිලෙන
නෙළන්න බැරි මලක්

අඳුරු මගේ ජීවිතයට
එළිය ගෙනා නිල්මිණි නෙත් ඔබේ නේද
සොඳුරු සිහින මගේ සිතට
රැගෙන පැමිණි සුර කුමරිය ඔබයි නේද

කිසිදු දිනක මට හිමිකර
ගන්න නොහැකි සුදු සියපත ඔබයි නේද
නමුදු මගේ සිත හදවත
ඔබ වෙතටම දිවයන්නේ අනේ ඇයි ද?

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

https://www.wallpaperflare.com/white-lotus-flower-with-pods-wallpaper-53336

ආදරේ, ආදරේ - Adare, adare

ආදරේ, ආදරේ
සිතා සිටියෙමි එතෙක් වනතුරු
එයයි ලොව ඇති සොඳුරුතම දේ
නමුත් ඔබ මට අහිමි වූ විට
වුණා එය ලොව කුරිරුතම දේ
ආදරේ, ආදරේ

තෙරක් නොපෙනෙන මුහුදු වෙරළේ
එදා අප විඳි පෙම් සුවේ
වසන්තය මියගියත් මෙලෙසට
මගෙ සිතට අමතක නොවේ
ආදරේ, ආදරේ

දුකක් දැනුණොත් ඔබේ දිවියට
කුමක් වූවද මතු දිනේ
ඔබේ නාමෙන් මගේ හදවත
සදහටම විවරව තියේ
ආදරේ, ආදරේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Pexels from Pixabay

හිරු පායා එන මොහොතේ
Hiru paya ena mohothe

හිරු පායා එන මොහොතේ
තණපත් අග මුතු විලසේ
ලස්සන පිණි බිඳු දිලිසේ
දිලිසේ, දිලිසේ, දිලිසේ

හිනැහෙයි හිරු මල අහසේ
රන්වන් රැස් දස අත පැතිරේ
මරණ බිය දැනී දුකසේ
පිණි බින්දු අඬනවා රහසේ

සමුගන්න ඉඩක්වත් නොම දී
පිණි බින්දු ගොසින් ඇත වැනසී
ජීවිතය ද අප ඒ වැන්නේ
මරණය දිනකදි හිමි වෙන්නේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Salyasin from Pixabay

පිපී සිටියෙමි - Pipee sitiyemi

මලක් කියන්නීය

පිපී සිටියෙමි රෝස පඳුරක වසන්තයෙ අග පාලුවේ
පතා සිටියෙමි බඹර වෙසකින් එනතුරා ඔබ මා වෙතේ

ඔබේ පැතුමන් හොඳින් දන්නා මා එදා මග බලා සිටියේ
ඔබේ ආශාවන් සියල්ලම සපුරන්න නොවෙදෝ
මගේ උණුසුම් රේනු ඔබ වෙත පුද දෙන්න නොවෙදෝ

මගේ සිහිනය අතරමග දී නොසිතු විලසින් බිද දමා
මහා සුලිසුළඟක් වෙසින් ඔබ මෙහි ආවෙ ඇයි දෝ
පෙති කඩා බිම දමා මා වනසලා ගියෙ ඇයි දෝ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by jggrz from Pixabay

Friday, November 13, 2020

සියුමැලි ඔබෙ රුව - Syumeli obe ruva

සියුමැලි ඔබෙ රුව අඳිනෙමි සැමතැන
ලා සඳ කිරණේ නැහැවි දිලෙන්නට
සුදු මුදු ඔබෙ වත සුමුදු සිනාවෙන්
සරසාලන්නෙමි මුතු ඇට මතු කොට

අරලිය සුවඳක් පැතිරී යනු ඇත
ඔබේ සිත්තමේ අගය පෙන්වලා
මා හද කුටියට සතුට උදාවෙයි
මෙතෙක් කලක් එය තිබුණි හිස්වෙලා

ආදරයේ මල් බර උයනේ අපි
කොනකට වී නිසසලේ තනිවෙලා
ජීවිතයේ දුක නිවලා සුව සැප
ලබාගනිමු සෙනෙහසින් එක්වෙලා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by Comfreak from Pixabay

දහස් ගණන් බඹර කැලට - Dahas ganan bambara kelata

දහස් ගණන් බඹර කැලට පෙම් මදිරා බෙදනා
අමල්බිසෝ නුඹ මලකි ය මද සුළගේ සැලෙනා
බාඳුරා සුවඳ පැතිරී මගෙ ලෝකය පිරුණා
සිතේ උපන් කුළුඳුල් පෙම නුඹට දෙන්න සිතුණා

සුවඳ නුඹේ සතර අතේ ගව්වක සිට දැනුණේ
නුහුරු හැගුම් ගොන්නක් මැද හදවත කිති කැවුණේ
නුරා පිරුණු නෙතඟ බැලුම් ඔය සඳවන් මුහුණේ
මට වරයක් දෙන බව පවසනවාදෝ ළඳුනේ

මලෙක මෙලෙක නැත කිසිදා සිහිනෙන් වත් දැනිලා
කෝඩු සිතේ ආදරයක් නුඹ ගැන ඇත දළුලා
වසන්තයේ අරුණැල්ලේ සහන් සුවය විඳලා
සැබෑ කරන් මගේ බඹර සිහිනය රොන් පුදලා

රසික සූරියආරච්චි

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by Mammiya from Pixabay

ඔබේ දුක සමග - Obe duka samaga

ඔබේ දුක සමග මගේ සෝතැවුල්
සමව බෙදාගන්නට නැත අවසර
ඔබේ සැපේ දී එක්ව සිනාසී
මගේ සතුටු ගංගාවේ
ඔබ නහවන්නට මට නැත අවසර

ඔබේ කඳුළු මගෙ දෙතොලින් පිසදා
මගේ සුසුම් වැල් ඔබෙන් නිවාගෙන
ඔබ සමඟින් එක් වෙලා තනිවෙලා
අපේ ලොවක ඉන්නට නැත අවසර

දෙඅතින් ඔබෙ වුවනත පිරිමදිමින්
දෙතොලින් දෙතොලට ජීවය දෙන්නට
ඔබේ සුමුදු වත ළයේ හොවාගෙන
උණුසුම් වෙන්නට මට නැත අවසර

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by 建鹏 邵 from Pixabay

නිසංසලා කුමාරියේ (යුග ගීයකි) - Nisansala kumariye

පි:    නිසංසලා කුමාරියේ
සුරංගනා මනාලියේ
ගැ:    ඔබයි ප්‍රියේ මගේ ලොවේ
කිරුළ දිනූ කුමාරයා

පි:හදේ පුරා
පැතුම් දරා
පෙරුම් පුරා
උන්නා මා
ගැ:මගේ සිතේ
උපන් හැඟුම්
සඟවා ගෙන
උන්නා මා

පි:පැතුම් ලොවේ
කිරුළ දරා
ඔබෙ තුරුලේ රැඳී සිටිම්
ගැ:නිසංසලා
ඔබෙයි ප්‍රියේ
සදා ලොවේ වසන තුරා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Karen Warfel from Pixabay

Tuesday, November 10, 2020

වාසනා, වාසනා - Vasana, Vasana

වාසනා, වාසනා, සදා ඔබ මට වාසනා

වාසනා ඔබ රිදී තරුවකි නීල අඹරේ සුදිලෙනා
වාසනා ඔබ ගීත තනුවකි මසිත ඇතුළේ නිමවෙනා
වාසනා ඔබ සීත සුළඟකි අරුණ කිරණක පැටලෙනා
වාසනා ඔබ සදාකල්හිම වෙන්න දිවියට වාසනා

වාසනා, වාසනා, සදා ඔබ මට වාසනා

වාසනාවේ කුමරි ඔබ වේ ලැබෙනු නියතය වාසනා
ඔබෙ සිනාවේ අමිල පහසින් ළඟා වෙනු ඇත වාසනා
නීල නෙත් තුළ රැඳුණු ආදර බැල්ම මා හට වාසනා
වාසනාවේ රුවන් දොරකඩ සිනාසෙමු අපි වාසනා

වාසනා, වාසනා, සදා ඔබ මට වාසනා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Free-Photos from Pixabay

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...