Friday, November 13, 2020

ඔබේ දුක සමග - Obe duka samaga

ඔබේ දුක සමග මගේ සෝතැවුල්
සමව බෙදාගන්නට නැත අවසර
ඔබේ සැපේ දී එක්ව සිනාසී
මගේ සතුටු ගංගාවේ
ඔබ නහවන්නට මට නැත අවසර

ඔබේ කඳුළු මගෙ දෙතොලින් පිසදා
මගේ සුසුම් වැල් ඔබෙන් නිවාගෙන
ඔබ සමඟින් එක් වෙලා තනිවෙලා
අපේ ලොවක ඉන්නට නැත අවසර

දෙඅතින් ඔබෙ වුවනත පිරිමදිමින්
දෙතොලින් දෙතොලට ජීවය දෙන්නට
ඔබේ සුමුදු වත ළයේ හොවාගෙන
උණුසුම් වෙන්නට මට නැත අවසර

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by 建鹏 邵 from Pixabay

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...