Friday, November 13, 2020

දහස් ගණන් බඹර කැලට - Dahas ganan bambara kelata

දහස් ගණන් බඹර කැලට පෙම් මදිරා බෙදනා
අමල්බිසෝ නුඹ මලකි ය මද සුළගේ සැලෙනා
බාඳුරා සුවඳ පැතිරී මගෙ ලෝකය පිරුණා
සිතේ උපන් කුළුඳුල් පෙම නුඹට දෙන්න සිතුණා

සුවඳ නුඹේ සතර අතේ ගව්වක සිට දැනුණේ
නුහුරු හැගුම් ගොන්නක් මැද හදවත කිති කැවුණේ
නුරා පිරුණු නෙතඟ බැලුම් ඔය සඳවන් මුහුණේ
මට වරයක් දෙන බව පවසනවාදෝ ළඳුනේ

මලෙක මෙලෙක නැත කිසිදා සිහිනෙන් වත් දැනිලා
කෝඩු සිතේ ආදරයක් නුඹ ගැන ඇත දළුලා
වසන්තයේ අරුණැල්ලේ සහන් සුවය විඳලා
සැබෑ කරන් මගේ බඹර සිහිනය රොන් පුදලා

රසික සූරියආරච්චි

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by Mammiya from Pixabay

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...