Saturday, November 21, 2020

හිරු පායා එන මොහොතේ
Hiru paya ena mohothe

හිරු පායා එන මොහොතේ
තණපත් අග මුතු විලසේ
ලස්සන පිණි බිඳු දිලිසේ
දිලිසේ, දිලිසේ, දිලිසේ

හිනැහෙයි හිරු මල අහසේ
රන්වන් රැස් දස අත පැතිරේ
මරණ බිය දැනී දුකසේ
පිණි බින්දු අඬනවා රහසේ

සමුගන්න ඉඩක්වත් නොම දී
පිණි බින්දු ගොසින් ඇත වැනසී
ජීවිතය ද අප ඒ වැන්නේ
මරණය දිනකදි හිමි වෙන්නේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Salyasin from Pixabay

1 comment:

  1. මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.

    rasika.suriyaarachchi@gmail.com

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...