Friday, November 27, 2020

මා සිත සැනසූ - Ma sitha senasu

මා සිත සැනසූ ඔබ නිළුපුල් නෙත්
මට ජීවය දුන් ඔබ සුන්දර නෙත්
පබඳිමි කවි දස දහසක් ඔබ ගැන
මා කවියෙකු වූවා නම්

මා හද අරණේ පහන් තරුව ඔබ
මා සිත එළිකළ රුවන් පහන ඔබ
ගයනෙමි ගී දස දහසක් ඔබ ගැන
ගායකයෙකු වූවා නම්

සියුමැලි ඔබ වත, සුසිනිදු තොල් පෙති
ඒ මත විසිරුණු සිනහව සුන්දර
අඳිනෙමි ඔබෙ පියකරු රුව සැම තැන
චිත්‍ර ශිල්පියෙකු වූවා නම්

ගායකයෙකු හෝ කවියෙකු හෝ මා
නොවෙමි සිත්තරෙකු හෝ කුමරියනේ
එනමුදු ඔබ ගැන දහසක් රසවත්
සිහින මවන්නෙමි අසරණ මා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by S. Hermann & F. Richter from Pixabay

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...