Sunday, November 22, 2020

උඩුසිත සහ යටිසිත
Udu sitha and Yati sitha

උඩුසිත:    බලාපොරොත්තුව නොම ඉටුවෙනු ඇත
සිතට හදට සෝදුක් හිමි වෙනු ඇත
ඒ බව දැන දැන පැතුම් දරාගෙන
බලා සිටිනු කිම දෝ
බලා සිටිනු කිම දෝ

යටිසිත:    අතීතයේ සැම පැතුම් බොඳ වුණා
දුක ම හිමිවුණා සුසුම් පිටවුණා
එනමුදු මතු දිනයක කෙදිනක හෝ
පැතුම් ඉටු නොවේ දෝ
පැතුම් ඉටු නොවේ දෝ

උඩුසිත:    අනාගතය කිසි විටෙක නියත නැත
කුමක් සිදුවේද කෙසේ කිව හැකි ද
පැතු පැතුම් සුන් වුනොතින් දවසක
කෙතරම් දුක්බර දෝ
(දුක) කෙතරම් බලවත් දෝ

යටිසිත:    ඉටු නොමවුනහොත් බලාපොරොත්තුව
ඇතිවෙන දුක කොයි තරම් දැඩි වුව ද
පැතුම් පුරාගෙන සිටින මොහොතේදී
සිතට දැනෙන සහනේ
(ඒ) දුකට වැඩිය අගනේ

උඩුසිත:    බලා සිටිනු කිම හසරක් නොම දැන
අනාගතය කිසිවිටෙක නියත නැත

යටිසිත:    බලා සිටින්නෙමි පැතුම් පුරාගෙන
සැපිරෙනු නියතය බලාපොරොත්තුව

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Gerd Altmann from Pixabay

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...