සලිත වෙයි සිත
කිති කවා හද
පුබුදුවයි පෙම් හැඟුම් සමුදා
ලලිත ඔබ වත
නිති සරා සඳ
පරදවයි සොමි කැළුම් විහිදා
සිතා ඔබ ගැන බවුන් වඩමින
ඉඳින්නට හැක දින ගනන්
ගොතා කවි සනසමින් මා මන
දකින්නෙමි සුබ සිහිනයක්
පැතුම් ඉටුවෙන
හැඟුම් සැනසෙන
දිනක් නුදුරෙම උදා වේ
සිතුම් විලසින
පියුම් පිබිදෙන
වසත් කල හෙට සිනාවේ
පද රචනය: රසික සූරියආරච්චි
සංගීතය: විශාරද ඉන්දු ප්‍රේමතිලක
තනුව සහ ගායනය: හේමාල් ජයවික්‍රම

Image by Enrique Meseguer from Pixabay
හදවතින් නැගෙන හඩ මුසු වෙත්ය
ReplyDeleteසිතුවිල්ල, පබැදුමද රසවත්ය
මුතු හරක් සේය මෙ පෙල ගැස්ම
හරි නේද?
සරෝජා