ඈත අහසෙ පාවි පාවි
හෙමින් හෙමින් ඇදිලා යන
පුළුන් වලාකුළුවල ඇති
සුන්දර බව මා දුටුවේ
සඳ පෑයූ රෑ යාමේ
එහෙන් මෙහෙන් පොකුරු පොකුරු
පිපිලා ඇති තරු මල් වල
අමුතු ලස්සනක් දුටුවේ
කිචි බිචි ගා කෑ ගසමින්
ලිය ගොමුවල දුව පනිනා
පුංචි බටිති මලිත්තන්ගේ
ගී නාදය කන වැටුණේ
සුපිපුණු අරලිය මල්වල
සුවඳින් මා සිත පිරුණේ
බැස යන හිරුගේ දසුනේ
නොදුටු ලස්සනක් දුටුවේ
කුමරිය ඔබගේ දෙනෙතින්
මා හද පණ ලැබු නිසාය
ඔබ දෙනෙතේ මුව මඩලේ
රැඳී තිබුණු ඒ කැල්මෙන්
මා සිත පිබිදුණු නිසාය
මා ජීවය ලද නිසාය
රසික සූරියආරච්චි
මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by ArtTower from Pixabay

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!