(මෙම පදමාලාව දොන් සිරිමාන්න විසින් වෙන් කරගෙන ඇත)
මතකද ඉස්සර දිනවල ලස්සන
අත්වැල් බැඳගෙන කතා කළා
මතකද කොච්චරවත් බට්ටිච්චා
ගීතය ගැන මා මතක් කළා
මතකද මැයි මල් ගැන සල් මල් ගැන
සඳ තරු ගැන කවි පෙළක් කළා
මතකද මියුලැසියේ, සියුමැලියේ
ඇයි අද මේ ලෙස දුරස් වෙලා
එදා වගේමත් පේරාදෙණියේ
සඳ පායනවා කඳු මුදුනින්
එදා වගේමත් මහවැලි නදියේ
රළ පෙරළෙනවා පෙණ නගමින්
එදා වගේමත් ගලහ හන්දියේ
මල් පෙති විසිරෙනවා සුළඟින්
එදා වගේමත් මා සියුමැලියේ
ඔබ ගැන සිහිවෙනවා සිහිනෙන්
ලැබුණොත් අවසර මතු යම් දවසක
සිහිනයකින් යළි හමු වෙන්නම්
නොවෙනස් හදවත පිපි මල් පොකුරක
මුදු සුවඳෙන් ඔබ නලවන්නම්
අවසන් ගමනක මා යන දවසක
හෝ ඔබගෙන් සිසිලක් ඒ නම්
සුසුමන් කැටිකොට බැඳි දුක් කවියක
රැඳි පැතුමෙන් අද සැනසෙන්නම්
රසික සූරියආරච්චි, 2020
දොන් සිරිමාන්න විසින් තනුව, සංගීතය නිර්මාණය කර ගායනා කරන ගීතය රස විඳින්න.
(image: PeraBeats Life)
රසික සූරියආරච්චි ලියූ ගේයපද
මෙහි පළකර ඇති ගීපදමාල අතරින් මෙතෙක් නොගැයූ පදමාලාවක් ගීයක් ලෙස ගයන්නට ඔබට අවශ්‍ය නම්: rasika.suriyaarachchi@gmail.com යන ලිපිනයට ඊ-මේල් පණිවිඩයක් එවන්න. ස්තුතියි.
Subscribe to:
Post Comments (Atom)
ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)
මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...

-
තෙමහල් මැදුරේ ඈත කොනේ ඔබේ සුවඳ රැඳි විමානයේ කවුළු දොරින් මද පවනක් සේ විත් ගතට තුරුළු වෙන්නම් හන්තානේ ගිරි කුස මුදුනේ සීතල මීදුම්...
-
මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...
-
වරම් නැත මට ඇඟිලි තුඩඟින් සුමුදු කම්මුල් පිරිමදින්නට වරම් නැත මට ඔබේ දෙනෙතින් නැගෙන කඳුලැල් පිස දමන්නට එදා දෙඩමළු පෙමක නටඹුන් නොපැතු ...
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!