එළිය කරලමිනා
ජනිත තාරුකාවී
මියුරු මධුර නාදේ
මහද සනසමිනා
ගයන කෝකිලාවී
ඔබයි මා රකින දේවතාවී
ඔබයි මා රකින දේවතාවී
මලෙක සිනිදු පහසයි
නලෙක සිසිල සුවයයි
රැගෙන ඈ වඩිවී
තුසිත ලොවේ ප්‍රේමේ
අමරස පැන් බීමේ
වරම මට ලැබේවී
සිතට සිසිල ප්‍රේමේ
හදට සතුට සාමේ
ඔබෙන් මට ලැබේවී
ජීවිතයම මියුරූ
ගීතයකිය සොඳුරූ
යළිදු මට සිතේ වී
පද රචනය: රසික සූරියආරච්චි
තනු නිර්මාණය: හේමාල් ජයවීක්‍රම
සංගීතය සහ ගායනය: විශාරද ඉන්දු ප්‍රේමතිලක
("සදා ඔබෙයි මා" ගී එකතුව)

Image by Enrique Meseguer from Pixabay
Looking forward to see some one singing this great peace of work
ReplyDelete