Thursday, June 30, 2005

ඉඩ දෙන්න මට එන්න
Ida denna (Reserved by I.P.)

ඉඩ දෙන්න මට එන්න සුළඟක් වෙලා
ඔබෙ මන්දිරේ කවුළුවෙන් රිංගලා
ඉඩ දෙන්න සිප ගන්න සඳවත ඔබේ
අපෙ ආදරේ සුවඳ තවමත් තිබේ

මහවැලි තෙරේ බැඳුණු පටු පාලමේ
තනි වී මදක් ඉඳිමු අපි පාලුවේ
ඔබෙ මුදු හඬින් ගැයෙන ගීයක් අසා
සැනසී සුවෙන් ඉඳිමි දෙනුවන් වසා

නුබ කුස වැසූ තුමුල හන්තානයේ
සිසිලක් තෙතක් නැති ය ගිම්හානයේ
දුක්බර අතීතේ වළලා දමා
වුණි නම් මගෙන් වරද දෙනු මැන සමා

රසික සූරියආරච්චි

(Image: PeraBeats LIFE)

Wednesday, June 29, 2005

ඔබයි මා රකින දේවතාවී - Devathavee
Indu Premathilaka ("සදා ඔබෙයි මා" ගී එකතුව)

අඳුර මගේ ලොවේ
එළිය කරලමිනා
ජනිත තාරුකාවී
මියුරු මධුර නාදේ
මහද සනසමිනා
ගයන කෝකිලාවී
ඔබයි මා රකින දේවතාවී
ඔබයි මා රකින දේවතාවී

මලෙක සිනිදු පහසයි
නලෙක සිසිල සුවයයි
රැගෙන ඈ වඩිවී
තුසිත ලොවේ ප්‍රේමේ
අමරස පැන් බීමේ
වරම මට ලැබේවී

සිතට සිසිල ප්‍රේමේ
හදට සතුට සාමේ
ඔබෙන් මට ලැබේවී
ජීවිතයම මියුරූ
ගීතයකිය සොඳුරූ
යළිදු මට සිතේ වී

පද රචනය: රසික සූරියආරච්චි
තනු නිර්මාණය: හේමාල් ජයවීක්‍රම
සංගීතය සහ ගායනය: විශාරද ඉන්දු ප්‍රේමතිලක
("සදා ඔබෙයි මා" ගී එකතුව)


Image by Enrique Meseguer from Pixabay

Tuesday, June 28, 2005

බැසගෙන යන හිරු
Besa Gena Yana Hiru (Reserved for U.M.)

බැසගෙන යන හිරු
නැග ගෙන එන සඳු
ඉගිලෙන සමනලුනගෙ විස්කම්
ඉස්සර දිනවල
දැක්කෙම නැහැ මම
මෙච්චර සිත්කලු වූ සිත්තම්

ඉගිලෙනවා සිත
කුරුලෙකු විලසින
පතල මහා ආකාශ තලේ
තෙරපෙනවා හද
මියුරු හැඟුම් පෙළ
සඵල කළා ඔබ පැතුම් මගේ

සිහින ලෝකයක
දැහැනට සමවැද
නොදැනිම යයි කාලය ගත වී
බලන බලන අත
පෙනෙන ඔබේ රුව
දිනයක මම හිමිකර ගනිමී

රසික සූරියආරච්චි


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com



Image by StockSnap from Pixabay

Monday, June 27, 2005

ඔබයි මමයි පැතූ ලෙසින්
Obayi Mamayi (Reserved for U.M.)

ඔබයි මමයි පැතූ ලෙසින්
නිසංසලේ තුරුල් වෙලා
සඳයි තරුයි නිදා වැටෙන්
අපේ කතා සවන් නොලා

බවෙන් බවේ පෙරුම් පිරුවද
නැතේ සැබෑ වුණේ
හදින් හදේ පැතුම් පැතූවද
මිලාන වී ගියේ
සදා දුකෙන් ගැලී එදා අප දුරස් වෙලා ගියේ

නෙතින් ලොවේ වසන් වෙලා අද
සඳේ සිසිල් රැයේ
ඉඳින් ප්‍රියේ යළිත් ලැබේවි ද
මේ අමා සුවේ
සදා යළිත් නොවේ උදා ඒ දුකින් පිරී සමේ

රසික සූරියආරච්චි

Obayi Mamayi:: Resereved for C.F.
Image by Susan Cipriano from Pixabay

Sunday, June 26, 2005

ඉස්සර දවසක - Issara Davasaka
Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත්

ඉස්සර දවසක ලස්සන සවසක
අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා
මහවැලි අයිනේ නන්දන උයනේ
මතකද හෙමිහිට පිය නැගුවා

හන්තානේ කඳු පිසගෙන සුසිනිඳු
සීතල මද නල හමා ගියා
දෙසවන් මත් කළ සිත සන්සුන් කළ
සුන්දර ගී හඬ ගලා ගියා

නාදළු පහසක මල් පෙති රහසක
රස පිරි සමයයි ගෙවී ගියේ
කොළොම් පුරවරේ ගිනිදැල් අතරේ
තවමත් ඒ සුව මතක තියේ

පද රචනය: රසික සූරියආරච්චි
තනු නිර්මාණය සහ සංගීතය: සංජීව පරණමාන
ගායනය: ධම්මිකා දේවසුරේන්ද්‍ර
("ඉස්සර දවසක" ගී එකතුව)

අසන්න, නරඹන්න!



ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...