Thursday, October 29, 2020

නොලැබූ මිහිරක - Nolebu mihiraka

නොලැබූ මිහිරක
නොකියු රහසක අඳුරු වේදනාවෝ
මා හද පතුලේ සැඟවී ඉඳලා
මසිත පෙළනවා
පෙර එක් දවසක
එකම පංතියේ ශිල්ප උගත්තා
අද ඊයේ මෙන් තවමත් මා හට
මැවී පෙනෙනවා

නුපුරුදු හැඟුමක පැටලී මා සිත
ඒ දිනයේ දී ගොලුවූවා
හදවත හඬවන කඳුළු සුසුම් වැල්
සදාකාලෙටම හිමිවුවා

සොඳුරු සිනා ඔබෙ මුවගෙහි ඇමිණුනු
තවමත් එලෙස ය කුමාරියේ
මියුරු සිහින මම ඔබ වට කරගෙන
තවමත් මවනෙමි දිවා රැයේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by monicore from Pixabay

සොඳුරු සිනා දසන් විදා - Sonduru sina dasan vida

සොඳුරු සිනා දසන් විදා
මගේ සිතට සතුට ගෙනා
රෝස කුමාරියේ
මා සිත දීපශිකාවියේ

හසරැල් මුව පුරවාලා
නෙතුකැන් මැද මා පැටලී
සුරංගනාවියේ
මා හද දිනූ කුමාරියේ

නයන විදා ඔබේ බැල්ම
මන පිනවන නෙතේ කැල්ම
රෝස කුමාරියේ
මා සිත දීපශිකාවියේ

ඔබ වෙනුවෙන් හද පතුලේ
ආදර මල පිපී දිලේ
එය පිළිගනු මැනේ
මා ලොව සිහින රැජිනියේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by RS Khatiwada from Pixabay

දින ගණනක් පෙරුම් පුරා - Dina ganank perum pura

දින ගණනක් පෙරුම් පුරා
ඔබෙ මුදුවත දැකගන්නට
පැය ගණනක් පැතුම් දරා බලා සිටියෙමී
පෙරදිනයක ඔබ දුටු සඳ
නෙත් හී සර මුණ ගැසිලා
අරලිය මල් සේම මියුරු සිනා දුටුවෙමී

ඒ මොහොතේ මා ලැබූ සුව
සිහිනෙන් ගෑ සුවඳක් සේ
සිතේ පුරා හදේ පුරා දරා සිටියෙමී

අරලිය තුරු සෙවණැල්ලේ
මල් සුවඳක් හමා යද්දි
නිමේෂයක් ඔබගේ සුව දසුන ලැබුවෙමී

මද සුළඟේ ඔබෙ කෙහෙරැළි
මුහුණ පුරා විසිරීලා
ඒ අතරින් ඔබගේ මුදු සිනා දුටුවෙමී

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Engin Akyurt from Pixabay

අවාසනාවේ ගිලුණු ජීවිතේ - Avasanawe gevuni jeevithe

අවාසනාවේ ගිලුණු ජීවිතේ
සැනසෙනු ඇත ඔබෙ නෙතු කැල්මෙන්
සදාකාලිකව මා හද සැනසී
හිනැහෙනු ඇත මදහස් බැල්මෙන්

මා දිවියට වාසනාව ගෙන එන
සිරිකත ඉටු දෙව්දුව ඔබ වේ
ඔබෙ මුව මඩලේ සොඳුරු සිනාවෙන්
ගිනිගත් හදවත සුවපත් වේ

කඳුළු නිම්නයක නෙත් සිරවීලා
බලා සිටිය සඳ කඳුළු බොමින්
ඔබෙ නිල්මිණිවන් නෙත් සර බැල්මෙන්
වියලිනි ඒ දුක් කඳුළු සැණින්

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Shahid Shafiq from Pixabay

ඔබේ මුවේ හසරැල් - Obe muve hasarel

ඔබේ මුවේ හසරැල් දුටු මුල්ම දිනේ
මගේ ලොවේ දහසක් මල් පුබුදු වුණේ
අමතක කළ නොහැක මට ඒ සොඳුරු දිනේ
සිහිවෙන විටදි සිත සතුටෙන් පිරෙනු දැනේ

රත් පැහැ ගවුමකින් සැරසී හිමිදිරියේ
පිනිබර මලක් සේ ඔබ හිනැහී හිටියේ
මගෙ නෙත් කෙවෙනි ඔබ රූපය දුටු හැටියේ
සහසක් සොඳුරු ගී පිරුණා හද කුටියේ

කවියෙකු නොවූ මා කවියෙකු කළේ ඔබයි
නොසැලුණු සිතක ආදරයක් මැව්වෙ ඔබයි
නිල් නයනින් මා මන මත් කළේ ඔබයි
ආදර සුවඳ මගෙ දිවියට කැව්වෙ ඔබයි

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Terri Cnudde from Pixabay

හන්තානේ කඳු අතරේ - Hanthane kandu athare

හන්තානේ කඳු අතරේ
සීතල සුළඟක එතිලා
පවසන්නම් ඔබේ කනට කොඳුරාලා ආදරේ
මහවැලියේ ගංතීරේ
දිය රැල්ලක දැවටීලා
මුමුණන්නම් ඔබේ කනට කොඳුරාලා ආදරේ

සරසවියේ තුරු සෙවණේ වෙහෙස නිවාලා
මල් ගොමුවේ තණ බිස්සේ පහස ලබාලා
පවසන්නම් කොඳුරාලා ආදරේ
මුමුණන්නම් කොඳුරාලා ආදරේ

මල් පෙත්තක නල රැල්ලක සිසිල ලබාලා
රෑ යාමෙක තරු පොකුරක එළිය ලබාලා
පවසන්නම් කොඳුරාලා ආදරේ
මුමුණන්නම් කොඳුරාලා ආදරේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

(image: PeraBeats LIFE)

සඳේ සොමි කිරණ - Sande somi kirana

සඳේ සොමි කිරණ මිහිකත නහවනවා
ඔබේ සොඳුරු වුවනත මට සිහිවෙනවා
හදේ මගේ දුක් ගී වැල් ලියැවෙනවා
සිතේ දුකට කඳුළින් කවි මතුවෙනවා

ඔබට හොරා මම ඔබ වෙත පෙම් කළෙමී
ඔබ ගැන කවි ගොතා ඉන් රසවත් වුණෙමී
ඔබෙ මදහසින් රූ සිරියෙන් මත් වුණෙමී
නොලැබෙන සුවයකට පෙම්කර අද තැවෙමි

අන්සතු මලකි ඔබ මට හිමි නැත කිසිදා
සිත හදවත හඬයි නොහැඩූ ලෙස පෙරදා
ඔබ ගැන සිහින නොම මවනෙමි මින් මතු දා
මගේ සිතට සහනය එළැඹෙද කවදා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by StockSnap from Pixabay

දෑස පියා ගත් විට - Desa piyagath vita

දෑස පියා ගත් විට මා අභියස
ඔබගේ සුන්දර දසුන මැවේ
ජීවමානව ම ඔබ මා අසලම
සිටිනා ලෙස මට දැනේ ප්‍රියේ

නීල උපුල්වන් ඔබේ සුපෙම් නෙත්
විකසිත කර මා සමග සිනාසෙයි
සිහින විජිතයේ ප්‍රේම මැදුර වෙත
පියාපත් මවා මා කැඳවා යයි

ඔබේ දසුන මගෙ නෙතට රසදුණකි
මා සිත මා හද සුවපත් වෙයි
ඇස් නොඅරිමි මම තදින් පියාගමි
ඔබෙ රුව ඇති සුව පහස ලබාගමි

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Adina Voicu from Pixabay

සිව්මැලි ඔබෙ රුව - Sivmeli obe ruva

සිව්මැලි ඔබෙ රුව අඳිනෙමි සැම තැන
සඳ කිරණේ නැහැවී සුදිලෙන්නට
සුදුමුදු ඔබෙ වත සුමුදු සිනාවෙන්
සරසාලන්නෙමි මුතු ඇට මතුකොට

අරලිය සුවඳක් පැතිරී යනු ඇත
ඔබේ සිත්තමේ අගය පෙන්වලා
මා හද කුටියට සතුට උදා වෙයි
මෙතෙක් කලක් එය තිබුණි හිස් වෙලා

ජීවිතේ මල් බර උයනේ අපි
කොනකට වී නිසසලේ තනිවෙලා
ජීවිතයේ දුක් නිවලා සුව සැප
ලබා ගනිමු ආදරෙන් එක් වෙලා

‍ රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Free-Photos from Pixabay

සඳු එපා හිරු එපා - Sandu epa, hiru epa

සඳු එපා, හිරු එපා
අහස් තරු මට එපා
ඔබයි මගෙ ලෝකයට එළිය දෙන පහන්සිල
කඳුළු බිඳ, සිනහ පොද
ජීවිතේ සුවඳ බිඳ
ඔබයි මා හද තුළේ පිපි දිලෙන නෙළුම් මල

ආදරේ සෙනෙහෙ ගඟ
ප්‍රේමයේ කුමාරිය
ඔබයි මගෙ මනෝ ලොව
සිහසුනේ රාජිණිය

සිඟමි ප්‍රේමය සිඟමි
යදිමි සෙනෙහස යදිමි
එනු මැනවි මගෙ ලොවට
පහන් තරු උදාකර

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by Enrique Meseguer from Pixabay

හදවත තුළ සෝ ගිනි - Hadawatha thula so gini

හදවත තුළ සෝ ගිනි ජාලාවේ
ජීවිතයම දැවෙනා වේලාවේ
මුවෙන් පිට කෙරෙන දුක්බර සුසුමක
ඔබට පිදූ ආදරයේ ආදරයේ
ආදරයේ
නටබුන් විසිරී යන්නේ

ආලෝකය ඔබගෙනි පැතුවේ
අද අඳුර ය හිමි වී ඇත්තේ
සුව සහනය ඔබගෙනි පැතුවේ
අද සුසුම ය හිමිවී ඇත්තේ

ඔබ ගැන ආදර ගී පද බැන්දෙමි
විරහ ගීය අද ලියවෙන්නේ
දුක් ගීයක මුසුවුණු ආදරයක
සුන්බුන් සුළගේ විසිරෙන්නේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Med Ahabchane from Pixabay

සොඳුරු උවනත ඔබේ - Sonduru vuvanath obe

සොඳුරු උවනත ඔබේ සුපිපි මල් කැකුළක් ය
සිතට සොම්නස ගෙනෙන මිහිරිතම හැඟුමක් ය

ඔබෙ මියුරු සිනාරැල් මා සිත මන්මත් කරයි
මුළු ලොවම ඔබ ම දැයි වරෙක මට සැක සිතෙයි

සිතෙයි ඔබ මා අසල සිටිනවා යැයි විටෙක
දැනේ ඔබෙ සුවඳ මට පෙනේ ඔබෙ රුව වරෙක

ජීවිතේ මලින් බර උයන් කොන තනිවෙලා
ගිමන් සුව විඳ ගනිමු ආදරෙන් බැඳීලා

වේදනා නිවාලා
ආදරෙන් බැඳීලා
වේදනා නිවාලා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Adina Voicu from Pixabay

රැගෙන යනු මැනවි මා - Regena yanu menavi ma

රැගෙන යනු මැනවි මා
ඔබෙ සොඳුරු ලොව වෙතට
දුකින් අඳුරින් පිරුණු
මගෙ ලොවින් මුදාගෙන

කෙසේ මා ඉඳිමිදෝ
හිර වෙලා මගෙ ලොවේ
දුක් සුසුම් සෝ තැවුල්
කෙළවරක් නොම පෙනේ

ඔබේ දෙනුවන් අතර
සුරලොවක් මම දිටිමි
ඔබ ගැනම සිත සිතා
ගොළු වෙලා දුක් විඳිමි

ආදරේ සිසිලසක්
සෙනෙහසක් මදහසක්
ලබා දෙනු මැනවි මට
රැගෙන ගොස් ඔබෙ ලොවට

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by Khusen Rustamov from Pixabay

සීතලේ මීදුමේ - Seethale meedume

සීතලේ මීදුමේ ගීතයක් වෙලා
පාවෙලා පාවෙලා වලාකඩක් පුරා
ආදරේ ගීතයෙන් සිහිනයක් සදා
ජීවිතේ පුරා ඉමී ඔබේ ලොවේ මෙමා

ආදරේ මල් පිපී සුවඳින් පිරී ඇතේ
මා හදේ ඔබ කී කතා කිසිදා මැකී නොයේ
ජීවිතේ මධු ගීතයට තනුවක් සදා තියා
(ඔබ) මා හදේ දහසක් හැඟුම් සඟවා තබා ගියා

තාරුකා මල් නැගී දුරලයි ලොවේ අඳුරු
සෝතැවුල් සංකා නසා පවසන්න ගී මියුරු
ආදරෙන් ආදරෙන් බැඳිලා සදා සොඳුරු
ජීවිතේ පුරා අපී නගමූ සිනා පොකුරූ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by ThuyHaBich from Pixabay

වේදනා නිවා දමා - Vedana niva dama

වේදනා නිවා දමා
මගේ ජීවිතේ
සදා රැඳෙනු හදේ
කුමාරියේ මගේ

සඳේ කැළුම් ඔබේ වතෙන් ගතැයි සිතේ
විලේ නෙළුම් ඔබේ සිනා මෙනැයි සිතේ

පැතුම් හදේ දරා
බලා ඉමී මෙමා
මගේ සුසුම් නිවා
හදේ රැඳෙනු සදා

සිතේ ගිමන් නිවා
සෙනේහයෙන් බැඳී
සදා අපේ ලොවේ
සිනාසෙමු අපි

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Jonas Svidras from Pixabay

Tuesday, October 27, 2020

නිසංසලා - Nisansala

නිසංසලා මගෙ ලොවේ
සදාකල් ම රැඳෙනු මැනවි
සනස්සලා මගෙ හදවත
සිතට සුවය සදනු මැනවි

මගේ හදේ ඔබේ නමින් බැඳී ඇතේ දහසක් ගී
සදා මගේ ලොවේ රැඳී අසන් ප්‍රියේ ඒ පෙම් ගී

සොඳුරු ලොවක දොරටුව ළඟ අපි අද ඉමු නතර වෙලා
ආදරයේ රන් මල් දම දෙන්න මවෙත නිසංසලා

නොලැබු මිහිරි සුව පහසක
නැහැවෙමු අපි මතු දිනේ
සදාකල්ම සසර පුරා
ඉමු සෙනෙහින් බැඳෙමිනේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by JensG from Pixabay

ආදරයේ මුදු සුවඳින් - Adaraye mudu suvandin

ආදරයේ මුදු සුවඳින් මා සිත
පිරවූ ඔබ මට අහිමි වෙලා අද
ඔබේ ලෝකයෙන් සැඟවෙන්නම් මා
මගේ ලෝකයේ දුක් ගණදුර මැද

කුමරිය මා වෙත එනු මැන සිහිනෙදි
මගෙ හදවත සිත සනසාලා
අවදි නොවී සිහිනයේ ම රැඳෙනෙමි
ඔබෙ සුව දසුනෙන් මත්වීලා

ඔබ මැදිකර තැනූ මනෝ මන්දිරය
ගරා වැටී සුන්බුන් වීලා
එදා ගැයූ සුමියුරු පෙම් ගී වැල්
විරහ ගීතයක වියැකීලා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by SeaReeds from Pixabay

ඔබ ගැන මා තැනු
Oba gena ma thenu

ඔබ ගැන මා තැනු මනෝ මාලිගේ
සුන්බුන් අතරේ තනිවීලා
විරහ ගීයකට තනුව මවන්නෙමි
පෙර ලිව් පෙම් ගී පසෙක හෙළා

බැලු බැලු හැම අත ඔබගේ රුවමය
තවමත් මා නෙත පාරන්නේ
සිත තුළ සදහට නොමැකෙන විලසට
ඔබේ ම සුවඳ ය පාවෙන්නේ

අඳුරුය දස අත මගේ ලෝකයේ
නිලම්බරේ නැත තරු පොකුරු
කඳුළය සදහට උරුමව ඇත්තේ
නැත සුන්දර සෙනෙහස මියුරූ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Lars_Nissen from Pixabay

ඔබේ බැල්ම ගැන
Obe belma gena

ඔබේ බැල්ම ගැන
නෙතේ කැල්ම ගැන
සදාකල්ම මම සිහින මවන්නම්
සොඳුරු නයන ගැන
මියුරු වුවන ගැන
නිමා නොවන ගීයක් පබඳින්නම්

මගේ සිත'තුළේ මගේ හද'තුළේ
රැඳිලා ඉනු මැන ළදුනේ සදහට
හැකිය සැමවිටම ඔබ ගැන සිතමින්
ජීවත් වෙන්නට සිහිනය තුළ මට

ඔබ ගැන ලියැවුණු ගී පද ගයමින්
සැනසී ඉමි ඔබ අහිමි වුණත් මට
එවිට ඔබ නොමැති පාළුව මැකිලා
පැමිනෙණු ඇත සිසිලස මා හද වෙත

රසික සූරියආරච්චි, 2020


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by efes from Pixabay

පැතුමන් හදේ බිඳීලා
Pethuman hade bindeela

පැතුමන් හදේ බිඳීලා
සුසුමන් විසිරී යයි දෝ
සැනසුම් සුළං හමාලා
මා හද සිත සැනසේ දෝ

දස දෙස සුසුම් ගලයි
මදහස ඇගේ මැවී පෙනෙයි
නොම හැක ඉන්නට ඉවසා
නෙතු දිය පිටාර යයි

පාළුව දුක සෝ අඳුරේ
ලෝකය වැසී යතේ
නෑ සුව හැඟුම් හදේ
කඳුලින් සැම ඇත මැකිලා

රසික සූරියආරච්චි, 2020


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Justin Martin from Pixabay

වරම් දෙනු මැන ඔබේ තුරුලේ
Varam denu mena obe thurule










වරම් දෙනු මැන ඔබේ තුරුලේ
සදාකල් මා හට රැඳෙන්නට
වරම් දෙනු මැන ඔබේ නාමෙන්
සදාකල් මට ගී ගයන්නට

එකම සෙවනක එක්ව ඉන්නට
බැඳුණු පැතුමන් සුන්වෙලා
අසම්මත පෙම හදේ සිරකර
දෙදෙන දෙලොවක තනිවෙලා

හිරු නැතේ අද සඳු නැතේ අද
මගේ ලොව අඳුරුයි පි‍්‍රයේ
ගිලන් හදවත කොනක සෙනෙහස
ඔබ නමින් සැමදා තියේ

රසික සූරියආරච්චි, 2012

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com


Image by Gerd Altmann from Pixabay

අඩක් දිවියෙන් ගතවෙලා - Adak diviyen gathawela

















අඩක් දිවියෙන් ගතවෙලා
හිතත් වයසට පත්වෙලා
හෙටක් එනතුරු සැපෙන් සපිරුණු
කොතෙක් ඉන්නද ඉවසලා

පතොක් කටු පිරි ජීවිතේ
මෙතෙක් ආ මග කෙළවරේ
කොතෙක් බිම්මල් පිපී තිබුණද
තෙතක් සිසිලක් එහි නැතේ

දවස් එක දෙක එකතු වී
තවත් වසරක් යයි ගෙවී
ලදොත් සතුටක් එක් දිනක් හෝ
දහස් සැරයක් හිනැහෙමී

රසික සූරියආරච්චි, 2002


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com


Image by Elias Sch. from Pixabay

ඔබ නිසාය - Oba nisaya

ඈත අහසෙ පාවි පාවි
හෙමින් හෙමින් ඇදිලා යන
පුළුන් වලාකුළුවල ඇති
සුන්දර බව මා දුටුවේ

සඳ පෑයූ රෑ යාමේ
එහෙන් මෙහෙන් පොකුරු පොකුරු
පිපිලා ඇති තරු මල් වල
අමුතු ලස්සනක් දුටුවේ

කිචි බිචි ගා කෑ ගසමින්
ලිය ගොමුවල දුව පනිනා
පුංචි බටිති මලිත්තන්ගේ
ගී නාදය කන වැටුණේ

සුපිපුණු අරලිය මල්වල
සුවඳින් මා සිත පිරුණේ
බැස යන හිරුගේ දසුනේ
නොදුටු ලස්සනක් දුටුවේ

කුමරිය ඔබගේ දෙනෙතින්
මා හද පණ ලැබු නිසාය
ඔබ දෙනෙතේ මුව මඩලේ
රැඳී තිබුණු ඒ කැල්මෙන්
මා සිත පිබිදුණු නිසාය
මා ජීවය ලද නිසාය

රසික සූරියආරච්චි


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by ArtTower from Pixabay

මගේ සිත හදවත - Mage sitha hadawatha













මගේ සිත හදවත
සසල විය අද
ඔබව දුටු සඳ
කිසිදු දිනයෙක
නොවුණු විලසට

ඔබෙ සොඳුරු මුව මත
නැගුණු මදහස මහද බැඳ ගති
ඔබෙ දිගටි නෙත් වෙත
මගේ නෙත් ඒ වහා යොමුවුණි

මින් පෙර ද ඔබ වත
කෙදිනක දි හෝ දුටුව මතකයි
ඒ කෙලෙස කෙදින ද
ඔබට මතකද කියන් මියුලැස

රසික සූරියආරච්චි, 2020


මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com


Image by Prettysleepy from Pixabay

වරම් දෙනු මැන මගේ දෙතොලින්
Varam denu mena mage detholin: Aruna Kannangara

වරම් දෙනු මැන මගේ දෙතොලින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැළි පිරි මදින්නට

සිතේ බැඳි සෙනෙහසේ මැදුරේ
ඇතේ නටඹුන් විසිරිලා
අසම්මත පෙම බැඳුණු දෙසිතේ
වසන්තය අද ගොළුවෙලා

හිරු නොමැති ලොව සඳු නොමැති ලොව
අපේ ලොව අඳුරුයි ප‍්‍රියේ
සතුට මදහස මිහිර සිසිලස
සිහිනයකි සැබවක් නොවේ

පදරචනය: රසික සූරියආරච්චි
සංගීතය සහ ගායනය: අරුණ කන්නංගර

Image by Dimitris Vetsikas from Pixabay

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...