Thursday, October 29, 2020

දින ගණනක් පෙරුම් පුරා - Dina ganank perum pura

දින ගණනක් පෙරුම් පුරා
ඔබෙ මුදුවත දැකගන්නට
පැය ගණනක් පැතුම් දරා බලා සිටියෙමී
පෙරදිනයක ඔබ දුටු සඳ
නෙත් හී සර මුණ ගැසිලා
අරලිය මල් සේම මියුරු සිනා දුටුවෙමී

ඒ මොහොතේ මා ලැබූ සුව
සිහිනෙන් ගෑ සුවඳක් සේ
සිතේ පුරා හදේ පුරා දරා සිටියෙමී

අරලිය තුරු සෙවණැල්ලේ
මල් සුවඳක් හමා යද්දි
නිමේෂයක් ඔබගේ සුව දසුන ලැබුවෙමී

මද සුළඟේ ඔබෙ කෙහෙරැළි
මුහුණ පුරා විසිරීලා
ඒ අතරින් ඔබගේ මුදු සිනා දුටුවෙමී

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Engin Akyurt from Pixabay

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...