ඔබේ බැල්ම ගැන
නෙතේ කැල්ම ගැන
සදාකල්ම මම සිහින මවන්නම්
සොඳුරු නයන ගැන
මියුරු වුවන ගැන
නිමා නොවන ගීයක් පබඳින්නම්
මගේ සිත'තුළේ මගේ හද'තුළේ
රැඳිලා ඉනු මැන ළදුනේ සදහට
හැකිය සැමවිටම ඔබ ගැන සිතමින්
ජීවත් වෙන්නට සිහිනය තුළ මට
ඔබ ගැන ලියැවුණු ගී පද ගයමින්
සැනසී ඉමි ඔබ අහිමි වුණත් මට
එවිට ඔබ නොමැති පාළුව මැකිලා
පැමිනෙණු ඇත සිසිලස මා හද වෙත
රසික සූරියආරච්චි, 2020
මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by efes from Pixabay

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!