Thursday, October 29, 2020

සිව්මැලි ඔබෙ රුව - Sivmeli obe ruva

සිව්මැලි ඔබෙ රුව අඳිනෙමි සැම තැන
සඳ කිරණේ නැහැවී සුදිලෙන්නට
සුදුමුදු ඔබෙ වත සුමුදු සිනාවෙන්
සරසාලන්නෙමි මුතු ඇට මතුකොට

අරලිය සුවඳක් පැතිරී යනු ඇත
ඔබේ සිත්තමේ අගය පෙන්වලා
මා හද කුටියට සතුට උදා වෙයි
මෙතෙක් කලක් එය තිබුණි හිස් වෙලා

ජීවිතේ මල් බර උයනේ අපි
කොනකට වී නිසසලේ තනිවෙලා
ජීවිතයේ දුක් නිවලා සුව සැප
ලබා ගනිමු ආදරෙන් එක් වෙලා

‍ රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Free-Photos from Pixabay

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...