Wednesday, January 08, 2025

සිනාවෙන් පිරුණු - Sinaven Pirunu

සිනාවෙන් පිරුණු දිය කඩිත්තක් කලතවා
කෝපයෙන් වැසුණු මඩ විලක් කර දමන්නට
ඔබට හැකි බවක් මා දැන සිටියෙ නෑ,
සොඳුරියේ
ප්‍රේමයෙන් පිරී ගිය හදවතක් කළඹවා
ශෝකයෙන් පිරුණු රළු ලෝකයක් මවන්නට
ඔබට හැකි බවක් මා දැන සිටියෙ නෑ,
සොඳුරියේ

තොලට තොල තියාලා, ආදරෙන් බැඳීලා
සෑමදා ඉන්න මා කළ පැතුම් සුන්වෙලා
බිඳුණු ප්‍රේමයෙ නමින් දැන් ඉතින් තියෙන්නේ
හඬා නොවැටී ඉන්න අදිටනක් පමණී

පරාජය උරුම වී, පිළිසරණ අහිමි වී
වියෝ ගිනි ජාලයෙන් හදවත ද දැවීලා
අතීතයෙ නාමයෙන් දැන් ඉතින් පතන්නේ
සදාකල් තනිවෙලා දිවි ගෙවුම පමණී

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by NoName_13 from Pixabay

ඇසක කඳුළක - Esaka Kandulaka (Reserved for U.M.)

ඇසක කඳුළක, හදක සුසුමක, සිතක ඉකියක,
දුක දැනෙන්නේ වෙනත් දුක්බර ඇසකටයි,
වෙන හදකටයි, වෙන සිතකටයි
මගේ කඳුළක, මගේ සුසුමක, මගේ ඉකියක,
දුක නොතේරෙන ඔබේ සෙනෙහස අකැපමයි,
මට අකැපමයි, මට අකැපමයි

දිවා රෑ ඇඳි සිහින සිතුවම් බොඳවුණී
මහා සයුරේ කුණාටුව මැද තනිවුණී
සදා මා ළඟ ඉඳිමි කිව් ඔබ නික්මුණී
එදා සිට මම ඔබේ හදවත හඳුණමී
එදා සිට මම හඳුණමී

දුකින් පිරි ඒ සමය ගැන අද නොතැවෙමී
සිතේ නලියන සිතුම් ගොන්නේ කිමිදෙමී
හදේ ඉපදෙන වසන්තයෙ තනු මුමුණමී
උදෑසන පිපි නේක මල් දැක හිනැහෙමී
එමල් සුවඳින් සැනසෙමී

රසික සූරියආරච්චි, 2023

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Pexels from Pixabay

නිසල සිත් විල - Nisala Sith Vila

නිසල සිත් විල මගෙ සසල කළ
කියන් ඔබ කවුරු දෝ
පිපුණු නෙළුමක සුවඳ විහිදන
කියන් ඔබ කවුරු දෝ

මගේ සිත වෙත ඇවිත් රහසේ
මුකුළු කරමින්නේ
සඳක් විලසින් සිනාසෙන්නේ
නුහුරු නුපුරුදු හැඟුම් ගොන්නක්,
නේක සිතුවිලි, සිතේ පුරවන්නේ

ඔබේ රුව දැක නොදැක්කා සේ
ඉන්න මට නොහැකේ
ඇයි ද මා හද කෝල වෙන්නේ
ඔබ සමග වදනක් දොඩන්නට
කෝඩු මගෙ සිත, නැතේ ඉඩ දෙන්නේ

රසික සූරියආරච්චි, 2023

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by andrew kim from Pixabay

නිසල විල මත පිපිලා - Nisala Vila Matha Pipila

නිසල විල මත පිපිලා, සුවඳ පතුරන දසතේ
සුදු නෙළුම ඔබ වේ සොඳුරේ පැතූ සංසාරේ
දෙනෙත පින් කර ඇත්තේ, මා
දෙනෙත පින් කර ඇත්තේ

මඩෙන් ඉපදී, දියෙන් මතු වී
සුමුදු පෙති විහිදා ලා
ඉන්ද්‍රඛීලය සේ නැගී
සිනා විහිදන්නේ
ඔබ ලොව ම පුබුදන්නේ

සෙමෙන් මසිතේ, හැඟුම් ඉපිදේ
මහද දොර වසලා, මා
රැක්ක සීලය යයි බිඳී
අනේ සුදු නෙළුමේ
මගෙ සෙනේ පිළිගන්නේ

© රසික සූරියආරච්චි, 2023

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Charlie Yoon from Pixabay

Friday, January 01, 2021

මතකද ඉස්සර දිනවල - Mathakada issara dinawala - තනුව, සංගීතය සහ ගායනය: දොන් මිත්‍රා සිරිමාන්න

(මෙම පදමාලාව දොන් සිරිමාන්න විසින් වෙන් කරගෙන ඇත)

මතකද ඉස්සර දිනවල ලස්සන
අත්වැල් බැඳගෙන කතා කළා
මතකද කොච්චරවත් බට්ටිච්චා
ගීතය ගැන මා මතක් කළා
මතකද මැයි මල් ගැන සල් මල් ගැන
සඳ තරු ගැන කවි පෙළක් කළා
මතකද මියුලැසියේ, සියුමැලියේ
ඇයි අද මේ ලෙස දුරස් වෙලා

එදා වගේමත් පේරාදෙණියේ
සඳ පායනවා කඳු මුදුනින්
එදා වගේමත් මහවැලි නදියේ
රළ පෙරළෙනවා පෙණ නගමින්
එදා වගේමත් ගලහ හන්දියේ
මල් පෙති විසිරෙනවා සුළඟින්
එදා වගේමත් මා සියුමැලියේ
ඔබ ගැන සිහිවෙනවා සිහිනෙන්

ලැබුණොත් අවසර මතු යම් දවසක
සිහිනයකින් යළි හමු වෙන්නම්
නොවෙනස් හදවත පිපි මල් පොකුරක
මුදු සුවඳෙන් ඔබ නලවන්නම්
අවසන් ගමනක මා යන දවසක
හෝ ඔබගෙන් සිසිලක් ඒ නම්
සුසුමන් කැටිකොට බැඳි දුක් කවියක
රැඳි පැතුමෙන් අද සැනසෙන්නම්

රසික සූරියආරච්චි, 2020

දොන් සිරිමාන්න විසින් තනුව, සංගීතය නිර්මාණය කර ගායනා කරන ගීතය රස විඳින්න.

(image: PeraBeats Life)

Thursday, December 31, 2020

ඔබ සිහිවෙන විට - Oba sihivena vita - තනුව, සංගීතය සහ ගායනය: දොන් මිත්‍රා සිරිමාන්න

තනුව, සංගීතය සහ ගායනය: දොන් සිරිමාන්න

ඔබ සිහිවෙන විට හදට දැනෙන සුව
පහස පෙර දිනෙක විඳලා නෑ
ඔබ සිහිවෙන විට සිතට නැගෙන රස
හැඟුම් පෙර දිනෙක දැනිලා නෑ

ඒ සුව පහසින් මා මත්වීලා
හදවත තුළ පෙම් ගීයක් ලිව්වා
ඒ රස හැඟුමෙන් මන්මත්වීලා
සැඟවුණු සිතුවිලි ගීයට පෙව්වා

ආදර ගීතය ඔබට ගයන්නට
පෙරුම් පුරාගෙන බලා සිටිනවා
පිළිතුරු ගීයක් ඔබේ හදවතේ
රුඳී තිබේ යැයි සිතට දැනෙනවා

රසික සූරියආරච්චි, 2020

ගීයට සවන් දෙමු.

Image by Firmbee from Pixabay

Wednesday, December 30, 2020

ඔබේ සිනිඳු ගෙල - Obe sinindu gela

ඔබේ සිනිඳු ගෙල සරසාලන්නට
සදා තබන්නම් රුවන් මාලයක්
හිමිදිරි උදයේ පිනි කැට අමුණා
සදා තබන්නම් රුවන් මාලයක්

සමන්පිච්ච මල් දෙකක් කඩාලා
ඔබේ දෙකන් පෙති අග පළඳන්නම්
පුංචි රෝස මල් වැලක් ගොතාලා
සුමුදු වරල ඔබෙ සරසාලන්නම්

එපා සුවඳ දිය කුංකුම අංජන
ඔබෙ වත සුන්දර මලකි ළඳේ
ඔබ මුව සිප ගෙන මම සැනසෙන්නම්
උපන් හැඟුම් පුබුදාලා හදේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Adina Voicu from Pixabay

Tuesday, December 29, 2020

එන්න ළඳේ - Enna lande

එන්න ළඳේ මගේ හදට
සතුට සුවය තුරුළු කරන්
ඔබේ සතුටු සුසුමින් මා හදවත
වේදනා දුක් කඳුළු නිවන්නට

එන්න ළඳේ මගේ ලොවට
ඔබේ හදේ රන් පහන දල්වලා
ඔබේ හදවතින් එළිය ලබාගෙන
අඳුරු මගේ ලොව එළිය කරන්නට

එන්න ළඳේ මගේ සිතට
දහසක් සිතුවිලි පොදි කර බැඳලා
මගේ හදවතේ ඔබ ගැන ඉපදුණු
ආදරයේ පෙම් ගීය ලියන්නට

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by stuart hampton from Pixabay

Monday, December 28, 2020

මා සිත නිරතුරු - Ma sitha nirathuru
(Reserved for TS)

මා සිත නිරතුරු ඔබ ගැන සිතුවා
මා හද නිරතුරු ඔබ ගැන තැවුණා
මගේ සිතට හදවතට කවර දා
සැනසිල්ලක් ඇති වේවි ද මන්දා

දුකම ය මට හිමි සැප නැත කිසිදා
ඒ මා මේ ලොව ලබා උපන් හැටි
සැනසෙන්නෙම් මා හදවත රවටා
බඹා කෙටූ ලෙස පැරදුම මට හිමි

මහ වැසි කුණාටු අකුණු නිමා වී
අහස යළිදු පැහැබර වේ දෝ
පාළු අඳුර පිරි මගේ ලෝකයේ
රුවන් පහන් තරු පායයි දෝ

රසික සූරියආරච්චි, 2020

Image by Arijit Chakraborty from Pixabay

Sunday, December 27, 2020

පැරද පලා යන - Perada pala yana

පැරද පලා යන යුද සෙබළෙකි මා
ආදර සටනින් ජීවිත කතරේ
සුන්වූ අදිටන් හදවත ගැඹුරේ
සෙමෙන් සෙමෙන් ඉකි බිඳිනු ඇසේ

මුව ගොළු වී ඇත, සිත කැළඹී ඇත
නෙත් පියවේ මගෙ හදවත වැළපේ
පාළු අඳුරු ජීවිතයේ සුන්බුන්
වැතිරී ඇත නොනැගිටින ලෙසේ

මා සිත දුබලය ඒ බව දන්නෙමි
නැත මා දහසක් පැතුමන් දැරුවේ
පැතූ එකම පැතුම ද සුන් වූ දා
දුබල සිතින් ඉවසමි ද කෙසේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Greg Montani from Pixabay

Saturday, December 26, 2020

ඇගෙන් හිස් වූ - Egen his vu - තනුව, සංගීතය සහ ගායනය: දොන් මිත්‍රා සිරිමාන්න

ඇගෙන් හිස් වූ මගේ හදවත
තිබෙන පාළුව මකා ගන්නයි
ඔබේ සෙනෙහස ලබා ගන්නට
මා වෙහෙස වූයේ

ළඳක සෙනෙහස කිසිදු දිනයක
බලෙන් ලබනට බැරිය දන්නෙමි
ඔබේ හදවත උණුවෙනා තුරු
දුකෙන් ඉවසන්නම්

ඔබේ අත මට අහිමි වුනොතින්
මගේ සිත ගල් වී ගියාදෙන්
පාළු ජීවන කතරේ තනි වී
දිනෙක මිය යන්නම්

රසික සූරියආරච්චි, 2020

දොන් සිරිමාන්න විසින් තනුව, සංගීතය නිර්මාණය කර ගායනා කරන ගීතය රස විඳින්න.

Image by PublicDomainPictures from Pixabay

Friday, December 25, 2020

ඔබ නොවේ සඳු - Oba nove sandu

ඔබ නොවේ සඳු
ඔබ නොවේ හිරු
ඔබ නොවේ අහසේ දිලෙන තරු
ඔබ නොවේ හිත සඳුන් තිලකය
නොවේ වෙණ මත මියුරු සත්සර
ඔබ නොවේ මගෙ සිත දිනාගත්
මගේ හදගත් සොඳුරු කුමරිය

ඔබ නොවේ මගෙ හදේ ලියවුණු
ආදරේ මුල් ගීය ගැයුවේ
ඔබ නොවේ මට සතුට ගෙනැවිත්
සිතට සහනය නිබද දුන්නේ

සඳේ සිසිලස ඔබෙන් නොලැබුණි
සිතට සහනය ඔබෙන් නොලදිමි

ඔබ නොවේ මගෙ සිතේ සුපිපුණු
ආදරයෙ මල නෙලා ගත් ළඳ
එහෙත් මා සිත ඊර්ෂ්‍යාවෙන්
පිරී යයි ඔබ රුව දකින සඳ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Kranich17 from Pixabay

Thursday, December 24, 2020

නිදා සිටි කොවුල් හඬ - Nida siti kovul handa

නිදා සිටි කොවුල් හඬ දස දෙසින් යළි ඇසේ
කහ රෝස ගස පුරා මල් පිපී නැළවෙතේ
සීත සුළඟක් හමයි විඩාව ද දුරුවෙතේ
වසන්තය එළැඹෙතේ, වසන්තය එළැඹෙතේ

සිසිරයේ සීතලේ නිදා සිටි හදවතේ
නැවුම් පැතුමක සිසිල ඉතිරිලා පැතිරෙතේ
සතුට සොම්නස මිහිර බැලු බැලූ හැම අතේ
වසන්තය එළැඹෙතේ, වසන්තය එළැඹෙතේ

ඇගේ රුව යළිත් මා දකින දින ළංවෙතේ
සිතේ එක් කෙළවරක පෙම් කවක් පබැඳෙතේ
නොදැනීම තනු බැඳී ගීතයක් ඉපදෙතේ
වසන්තය එළැඹෙතේ, වසන්තය එළැඹෙතේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Adina Voicu from Pixabay

Wednesday, December 23, 2020

මගේ හදවත සැලෙන රාවය - Mage hadawatha selena ravaya

මගේ හදවත සැලෙන රාවය
ඔබට නොඇසේ මම දනිමි එය
මගේ හදවත ගයන දුක් ගී ඔබට නොඇසේ මම දනිමි එය
මගේ සිත තුළ සුපිපිලා ඇති
ආදරයේ මල් සුවඳ විහිදයි
නමුදු එසුවඳ ඔබේ නැහැයට නොඑයි
එසුවඳ ඔබට නොදැනෙයි

වෙනත් කෙනෙකුගෙ දුකක් නොඇසෙන
ලෙසින් ඔබ කන බිහිරි වී ඇත
කිසිම විටකදි උණු නොවන ලෙස
ඔබේ සිත අද ගල්වෙලා ඇත

ඔබ වෙතට යොමු වෙන දෙනෙත් වෙත
මන්ද රත් යවුලක් ම වන්නේ
සෑමදාමත් මෙසේ ඔබ ලොව
තනිවෙලා ඉන්න ද සිතන්නේ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Mandyme27 from Pixabay

Tuesday, December 22, 2020

අරුණැල්ලේ - Arunelle

අරුණැල්ලේ, අරුණැල්ලේ
ලා හිරු රැස් කැරලි කැරලි
මල් ගොමුවට දිව එනවා
හිරු එළියෙන් ඒ හැම මල් සුවඳ හමා පිබිදෙනවා
අරුණැල්ලේ, අරුණැල්ලේ

රන් අරුණලු විසිරුවමින් අලුයම හිරු පායන විට
කන්ද උඩින් හෙමින් සැරේ හිරු එබිකම් කරනා විට
ලා හිරු රැස් දුවගෙන විත් මල් ගොමුවට වැටෙනා විට
සුවඳ විදා සතර අතේ ඒ හැම මල් පිබිදෙනවා

ඔබෙ හද තුළ දැල්වී ඇති ආදරයේ රන් පහනේ
රන්වන් ආදරේ කිරණ විසිරී පැතිරී යන විට
හිරු එළියේ මානෙල් මෙන් මගෙ හදවත නැමැති පියුම
පිබිදෙනවා, පිබිදෙනවා ආදරයෙන් මත් වෙනවා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Pexels from Pixabay

Monday, December 21, 2020

අහිමි ඇය - Ahimi eya

අහිමි ඇය දෙසටයි
සොඳුරු ඔබ දෙසටයි
වැනෙනවා සිත වැනෙනවා
කුමක් කරමි ද සිතා ගන්නට බෑ
වැනෙනවා සිත වැනෙනවා

දනිමි මම මිහිරියේ ඔබ මට
සෙනේහය ඇති බවත්
නමුත් මා හද තවම සසලයි සිතා ගන්නට බෑ
කළ යුතුද මා කුමක්

මගේ සිත තව නැතේ නිදහස්
මට අහිමි වූ ඇගෙන්
ආදරේ රුදු පාළු කතරේ අතරමං කර මා
දුරස් වී ගිය ඇගෙන්

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගීතය යොදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Goran Horvat from Pixabay

Sunday, December 20, 2020

මගේ යහළුවන් (යුග ගීයකි) - Mage yahaluvan

පි:    මගේ යහළුවන්
ඔබේ යෙහෙළියන්
ඔබෙයි මගෙයි නම් එක්කර කවටකම් කළා

ගැ:   ඔබේ යහළුවන්
මගේ යෙහෙළියන්
ඔබෙයි මගෙයි නම් එක්කර කවටකම් කළා

ගැ:   අපි දෙන්නම ඒ කාලේ
පුංචි ළමයි ලා බාලේ
ඔබයි මමයි ලැජ්ජාවෙන් නිහඬව සිටියා

පි:   අපි දැන් හොඳ තරුණ වියේ
නව යෞවන තරුණ වියේ
අප දෙදෙනා ප්‍රේමය ගැන හොඳින් දන්නවා

ගැ:   යළිත් වරක් අප මිතුරන්
ඔබෙයි මගෙයි නම් එක්කර
කවට කමක් කරනා තුරු බලා ඉන්නෙපා

පි:   යළිත් වරක් අප මිතුරන්
ඔබෙයි මගෙයි නම් එක්කර
කවට කමක් කරනා තුරු බලා ඉන්නෙ නෑ

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Free-Photos from Pixabay

Saturday, December 19, 2020

රංජනා, සංජනා - Ranjana Sanjana

රංජනා, සංජනා
මගේ ප්‍රිය අංගනා
සොදුරුතම, මිහිරිතම
ඔබයි ප්‍රියදර්ශනා

කාලයක සිට මගේ සිත පුරා හද පුරා
ඔබේ සුන්දර දසුන, ඔබේ රුව ඇත ඇඳී
හදවතේ සතර කොන මිහිරියේ ඔබ නිසා
මෙයින් පෙර මා නො ලද මිහිරි සුව ඇත රැඳී

මෙතෙක් කල් දුටු සිහින සැබෑවෙන පෙර නිමිති
මගේ සිත සනසමින් මගෙ නෙතට දිස්වුණා
සඳ මඩල වලාවෙන් විතැන් වූ විලාසෙන්
මා දෙසට නෙත් යොමා ඔබ මදක් හිනැහුණා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Jill Wellington from Pixabay

Friday, December 18, 2020

ඔබේ යෙහෙළියන් අතරේ - Obe yeheliyan athare

ඔබේ යෙහෙළියන් අතරේ
ඔබෙයි මගෙයි නම් එක්කර
පැවසූ වදනක් ගානේ
අද මට ඇසුණා

මිතුරියන්ගෙ කවට සිනා
ඔබ වටකර රැව් නැගෙද්දි
ලැජ්ජාවෙන් ඔබේ මුහුණ
රතු වෙනු පෙනුණා

මා ඉන්නා දෙස බලලා
ඔබ හෙමිහිට හිනැහෙද්දී
ඔබෙයි මගෙයි නෙත් හී සර
එකිනෙක ගැටුණා

වෙන දා මා නොතකන ඔබ
ඔබෙ නිල්මිණි නෙත් සඟළින්
පැවසූ ඒ සොඳුරු ගීය
අද මට හැඟුණා

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by melancholiaphotography from Pixabay

Thursday, December 17, 2020

කාලයයි මේ කාලයයි - Kalayayi me (reserved for TR and SR)

ගැ:   කාලයයි මේ කාලයයි
වසන්තය මැද මල් පිපෙන හොඳ කාලයයි
පි:   කාලයයි මේ කාලයයි
කුරුළු කුජන දසත පැතිරෙන කාලයයි
දෙ:   සුපෙම් හැඟුමෙන් සිතුම් පිබිදෙන කාලයයි

ගැ:   ඔබ නමින් මා සිතේ පබැඳුණු
සොඳුරු ආදර ගීය රහසේ
පි:   ඔබ වෙතට ළං වෙලා
ඔබෙ කනට කොඳුරලා
දෙ:   ගයන්නට මේ කාලයයි
ඔබේ ප්‍රේමය අයැදින්න මේ කාලයයි

පි:   මා නමින් ඔබ සිතේ කිසියම්
සෙනෙහසක් සිසිලක් තියේ නම්
ගැ:   මා වෙතට ළං වෙලා
මගෙ කනට කොඳුරලා
දෙ:   කියන්නට මේ කාලයයි
යෞවනේ පෙම් සුව විඳින්නට කාලයයි

රසික සූරියආරච්චි, 2020

මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com

Image by Free-Photos from Pixabay

ඉස්සර දවසක - Issara Davasaka <br/>Dhammika Devasurendra ("ඉස්සර දවසක" ගී එකතුව)

මතකයි තවමත් ඉස්සර දවසක ලස්සන සවසක අත්වැල් බැඳ ගෙන අප දෙදෙනා මහවැලි අයිනේ නන්දන උයනේ මතකද හෙමිහිට පිය නැගුවා හන්තානේ කඳු පිසගෙන සුසි...