ගැ: | කාලයයි මේ කාලයයි වසන්තය මැද මල් පිපෙන හොඳ කාලයයි |
පි: | කාලයයි මේ කාලයයි කුරුළු කුජන දසත පැතිරෙන කාලයයි |
දෙ: | සුපෙම් හැඟුමෙන් සිතුම් පිබිදෙන කාලයයි |
ගැ: | ඔබ නමින් මා සිතේ පබැඳුණු සොඳුරු ආදර ගීය රහසේ |
පි: | ඔබ වෙතට ළං වෙලා ඔබෙ කනට කොඳුරලා |
දෙ: | ගයන්නට මේ කාලයයි ඔබේ ප්‍රේමය අයැදින්න මේ කාලයයි |
පි: | මා නමින් ඔබ සිතේ කිසියම් සෙනෙහසක් සිසිලක් තියේ නම් |
ගැ: | මා වෙතට ළං වෙලා මගෙ කනට කොඳුරලා |
දෙ: | කියන්නට මේ කාලයයි යෞවනේ පෙම් සුව විඳින්නට කාලයයි |
මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by Free-Photos from Pixabay
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!