සෙව්වෙමි මා ඔබ එදා පටන් මේ
නිමක් කොනක් නැති සංසාරේ
හමුවිය මට ඔබ මේ භවයෙදි අද
මා සිතු ලෙස, මා පැතු ලෙසිනේ
අසරණයෙකි මා, නැත මට කවුරුත්
මෙතෙක් ලොවේ සෙනෙහස පාලා
මුදු හසරැල්ලක් මවෙත හෙලනු මැන
මා සිත සැනසුම් සුව සදලා
අසරණ භාවයේ ගණඳුර බිඳලා
පහන දල්වලා ආදරෙයේ
පාළු අඳුරු මගෙ හද මන්දිරයට
දෙනු මැන මිහිරියෙ ආලෝකේ
රසික සූරියආරච්චි, 2020
මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by Alexas_Fotos from Pixabay

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!