පි: |
මගේ යහළුවන් ඔබේ යෙහෙළියන් ඔබෙයි මගෙයි නම් එක්කර කවටකම් කළා |
ගැ: | ඔබේ යහළුවන් මගේ යෙහෙළියන් ඔබෙයි මගෙයි නම් එක්කර කවටකම් කළා |
ගැ: | අපි දෙන්නම ඒ කාලේ පුංචි ළමයි ලා බාලේ ඔබයි මමයි ලැජ්ජාවෙන් නිහඬව සිටියා |
පි: | අපි දැන් හොඳ තරුණ වියේ නව යෞවන තරුණ වියේ අප දෙදෙනා ප්‍රේමය ගැන හොඳින් දන්නවා |
ගැ: | යළිත් වරක් අප මිතුරන් ඔබෙයි මගෙයි නම් එක්කර කවට කමක් කරනා තුරු බලා ඉන්නෙපා |
පි: | යළිත් වරක් අප මිතුරන් ඔබෙයි මගෙයි නම් එක්කර කවට කමක් කරනා තුරු බලා ඉන්නෙ නෑ |
මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by Free-Photos from Pixabay
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!