බලාපොරොත්තුවෙ රුවල් බෝට්ටුව
ජීවන සයුරේ පාවී යද්දෙන්
ඔබේ ආදරේ සුළං පහර වැද
ඈත අනන්තෙට පාවී යද්දෙන්
මා ඔබ ගැන මගෙ මනෝ ලෝකයේ
තැනූ සිහින සැම ඉටුකරගන්නම්
මෙතුවක් කල් මා හද තුළ සිරවුණු
සොඳුරු ආදරේ ගීය ගයන්නම්
ආදරයේ රන් තාරුකා පෙළින්
විහිදෙන විසිතුරු අරුණලු මැද්දෙන්
ඔබේ ලෝකයේ කිරුළ දරාගෙන
සදාකාලිකව ගිමන් හරින්නම්
රසික සූරියආරච්චි, 2020
මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by Youssef Jheir from Pixabay

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!