ඇය සමඟින් මා ගෙවූ අතීතය
මට සිහිවේ අද ඔබ දකිනා විට
ඇය වෙනුවෙන් මා හෙළූ දුක් සුසුම්
මට සිහිවේ අද ඔබ දකිනා විට
සුරූපියෙකි ඔබ දෙනුවන් බඳනා
දහසක් මල් ඔබ සමග සිනාසේ
එනමුදු කුමරිය මගෙ හදවත දැන්
වැසී ගොසින් ඇත යළි නොඇරෙන සේ
ප්‍රේම තරගයෙන් පැරදුණු දින සිට
මගෙ සිත ඇත ඉරි තැලී ගොසින්
හද මන්දිරය ද පාළුයි අඳුරුයි
දැල්වුණු පහණ ද නිවී ගොසින්
ඇගේ වියෝවෙන් මගේ හදවතේ
නැගෙන දුක් සුසුම් ඔබට ඇසෙනවද?
ඇයගෙන් හිස් වුණු මගේ හදවතේ
නවාතැන් ගන්න ඔබට හැකි වෙයිද?
රසික සූරියආරච්චි, 2020
මේ පදමාලාවට තනුවක් සහ සංගිතය යෙදා ගායනා කිරීමට කැමති ගායකයෙකු/ගායිකාවක හෝ එසේ සැකසීමට කැමති සංගීතඥයෙකු සිටී නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න. ස්තුතියි.
rasika.suriyaarachchi@gmail.com
Image by Pezibear from Pixabay

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!