(තනුව, සංගීතය සහ ගායනය: දොන් මිත්‍රා සිරිමාන්න)
මතකයි මට තව ඉස්සර දවසක
මහවැලි ඉවුරේ අපි දෙන්නා
ආසිරි මල් සිරිපොද වැසි මැද්දේ
අත්වැල් බැඳගෙන පය නැගුවා
හන්තානේ සෙවනැලි සිපගෙන ආ
සීතල මදනල හමන වෙලේ
මතකයි තුරුලුව උණුසුම් වූ හැටි
මැයි ගස් සෙවනේ හවස් කලේ
දුරු රට සීතල හිම කැටි අතරේ
ගත උණුසුම අද ඇතිය සිඳී
සොඳුරු මතකයේ පාළුව විතරයි
හදවත උණුසුම නැතිය රැඳී
රසික සූරියආරච්චි, 2020
(image: PeraBeats LIFE)

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය අගේ කොට සළකමි!